උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 2 January 2020

නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහන බුත්තල වගුරුවෙලින් ඇරඹේ....

නව රජයෙ නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහන බුත්තල වගුරුවෙලින් ඇරඹේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන
නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන අද (2) උදෑසන
බුත්තල වගුරුවෙල ප්‍රදේශයෙන් ආරම්භ විය.
වගුරුවෙල ගම්මානයේ වැල්දොඩම් වගාවක් මෙලෙස ආරම්භ වූ අතර එයින් වගුරුවෙල
ප්‍රදේශයේ පවුල් පනස් තුනකට සෙත සැලසෙන බව ව්‍යාපෘති නිලධාරීන් පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා සිදු
කිරීමට නියමිත අතර ගොවි පවුල් විශාල ප්‍රමාණයකට මෙයින් ප්‍රතිලාභ සැලසෙන බව
එම නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.
සමාරම්භක අවස්ථාව සදහා ඌව පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා
ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වූ අතර රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවීන්
රැසක්ද මෙම අවස්ථා සදහා සහභාගි විය.
උත්සවය ඇමතූ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසූවේ පසුගිය සමයේ
මෙවැනි වැඩසටහන් සදහා දේශපාලන අතපෙවීම් සිදු වූ අතර නමුත් තම රජය එවැනි
කිසිදු දේශපාලන බලපෑමක් කිසිදු නිලධාරීයෙකුට සිදු නොකරන බවයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ජීවනෝපාය වැඩි දියුණු කිරීම සදහා මෙවැනි
වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩි දුරටත්සදහන් කර සිටීයේය.









No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot