සතොසෙන් සහල් වැඩි මිලට ගන්න පුළුවන්.
රටපුරා සහල් මිල වැඩිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව එහි වගකීම බාර ගත යුතු බවත් හාල් වැඩි මිලට අලෙවි කිරීමේ ක්‍රමවේදය සතොස හරහා මේ වනවිට ජයටම සිදුකෙරෙන බව විශේෂ හෙලිදරව්වක් කරමින් නාමල් කරුණාරත්න මහතා පැවසීය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 02 දින පෙරවරුවේ දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සහල් මාෆියාව පිළිබඳව තවත් හෙළිදරව්වක් හෙළිකරන බව පවසමින් මෙසේ පැවසීය.
මෙහිදී නාමල් කරුණාරත්න මහතා කියාසිටියේ රුපියල් හැත්තෑ හතකට සතොස සඳහා වී මෝල් හිමියන් සහල් ලබා දී තිබෙන බවය. එම සහල් වැඩි මිලකට සතොස මගින් අලෙවි කරන බවත් පැවසිය .
මෙම රජය බලයට පත්වීමට පෙර රජය සතු වී කිලෝවක් රුපියල් 40 බැගින් සුළු පරිමාණ මෝල් හිමියන්ට ලබාදී එම වී වලින් වී කිලෝ සියයකට හාල් කිලෝ 65ක් සතොසට දෙන්න බැඳී සිටි බවද හාල් කිලෝවක් රුපියල් 70 බැගින් සතොසට ලබා දුන් බවද සතොස හාල් කිලෝවක් රුපියල් 75ක සිල්ලර මිලකට අලෙවි කළ බවද කිවේය .
එවැනි වකවානුවක් පවතිද්දී නව රජය බලයට පත්වීමත් සමඟ එය වෙනස් කළ බවත් රජය සතු තිබුණු වී ටික මෝල් හිමියන්ට රුපියල් 38ක අඩු මිලට ලබා දී සහල් කිලෝවක් රුපියල් 72කට සතොස ලබාගත් බවත් එම සහල් කිලෝව රුපියල් හැත්තෑ හතට සතොස මගින් අලෙවි කළ බවද සඳහන් කළේය.
වර්තමානය වන විට එම නියෝගයට පිටින් සතොස ආයතනය සහල් අසූ හතරකට අලෙවි කරන බවද නාමල් කරුණාරත්න මහතා හෙළිදරව් කළේය. රුපියල් 18 ක ශුද්ධ ලාභයක් සතොස ලබාගන්නා බවත් එය සහල් මාෆියාවක් බවද කීවේය,
මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන නියෝග සතොස ආයතනය කිසිසේත් ගණන් නොගෙන සහල් විකිණීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
එකසැරේ රටතුල සහල්මිල ඉහලගිය ආකාරය පැහැදිලිකරමින් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ
පසුගිය දෙසැම්බර් දහ වැනි දින මෙරට ප්‍රධාන සහල් මෝල් හිමියන් තුන්දෙනෙකු ජනාධිපති ලේකම් මුදල් අමාත්‍යංශයේ ලේකම් විසින් කැඳවා තිබුණු බවත් ඒ අය සමග සහල් මිල ගැන සාකච්ඡා කොට ඉලක්කම් දෙකට රැගෙන එන ලෙස සාකච්ඡා කළ බවත් පසුව රු.99 කට ඔවුන් යෝජනා කරද්දී නැවත සාකච්ඡා කොට හාල් කිලෝව රුපියල් 98 ඉලක්කම් දෙකේ මිලකට රැගෙන ඒම සිදු කළේ යැයිද හෙතෙම සඳහන් කළේය.
සතොස ආයතනයට සහල් විකිණිය යුතු ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් නිර්දේශයක් ලබා දී තිබෙන බවත් එම පදනම රටේ අනෙකුත් ස්ථානවල ද මිල සංශෝධනය කොට ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කළේ නම් මෙවැනි තත්ත්වයක් නොවන බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම සහල් මාෆියාවේ ප්‍රධානතම වගඋත්තරකරු මේ ආණ්ඩුව බවත් එය පසුගියදා ඩඩ්ලි සිරිසේන මහතා විසින් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ බවද ඔහු කියා සිටියේය.
ගමේ කියමනක් අනුව යම්කිසි අවුල් සහගත සිද්ධියක් ඇතිවන්නේ නම් ජනතාව අයියෝ සිරිසේන කියන බවත් වර්තමානයේ කියන්නට ගන්නෙ අයියෝ නන්දසේන යනුවෙන්ද බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා අගමැති වරයා දෙන නියෝග ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් පත්ව තිබෙන බැවින් වහාම ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය කඩිනමින් යොමු කොට මෙම සහල් මාෆියාව නවතා දැමීම සිදු කරන්නැයි හෙතෙම ඉල්ලීමක්ද කළේය.
මෙම අවස්ථාවේ දී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටි .බි .සරත් මහතා එහි උප සභාපති සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු ද අදහස් දැක්වූහ.
පිළිතුරඉදිරියට
|
No comments:
Post a Comment