උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 2 January 2020

ගණදෙවි නාවන්න වැවට බැස්ස තරුණයෙකු දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට...

කෝවිල් උත්සවයේදී ගණදෙවි නාවන්න වැවට බැස්ස තරුණයෙකු දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට.

වවුනියාව - මාධව කුලසූරිය.
වවුනියාව,ඊච්චන්කුලම ගණදෙවි කෝවිලේ ගණදෙවි පිළිරුව නෑවීමේ උත්සවයට
සහභාගිවි ගණදෙවි කෝවිලේ ගණදෙවි පිළිරුව නැවීම‍ වෙනුවෙන් වැවට බැස්ස
තරුණයෙකු දියේ ගිලීමෙන් අද(02) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව
ඊච්චන්කුලම ප්‍රදේශවාසීන් පවසයි.
වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පැවසූවේ වවුනියාව තවසියාකුලම වැවේ ගිලීමෙන්
වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේ‍ශයේ පදිංචි 27 හැවිරිදි ආර්.දුෂ්‍යන්තන් නමැති තරුණයෙකු
ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ප්‍රදේශවාසීන් පැවසූවේ ඊච්චන්කුලම ගණදෙවි කෝවිලේ වාර්ෂික උත්සවයේදී
ගණදෙවියන් දියේ ගිල්වා නැවීමේ වැඩසටහන පැවැත්වු අවස්ථාවේ ප්‍රදේ‍ශයේ
තරුණයින්ද වැවට බැස දිය නා ඇති බවයි.
අදාළ අවස්ථාවේදී මියගිය තරුණයා දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරුව
තරුණයාගේ මළ සිරුර වවුනියාව රෝහලට යොමුකළ බවද ප්‍රදේශවාසීන් පැවසූහ.
පොලිසිය පැවසූවේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහල්
මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අනතුර සිදුවු ස්ථානය හා කෝවිලේ ගණදෙවි පිළිරුව නැවීමේ උත්සවයට රැගෙන ගිය.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot