උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 16 January 2020

නව සන්ධානයේ ලකුණ තෛපොංගල් මුටිටිය

දෙමළ ජාතික සන්ධානයට එරෙහි නව සන්ධානයේ ලකුණ
තෛපොංගල් මුටිටිය නොහොත් පානෙයි සළකුණයි.-

විග්නේශ්වරන් පවසයි.

වවුනියාව - මාධව කුලසූරිය.
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව බිහි කරන නව සන්ධානයේ ලකුණ ලෙස තෛපොංගල්
මුට්ටිය ලෙසින් හදුන්වන පානෙයි සළකුණ යොදා ගැනීමට සුදානමින් සිටින බව උතුරු
පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව බිහි කිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන්
විග්නේශ්වරන් මහතාගෙන් සිදුකළ විමසීමකදී හෙතෙම එලෙස පැවසුවේය.
විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කරනු ලැබුවේ පානෙයි සළකුණ වෙනත් පක්ෂයක් වෙත
ලබාදි ඇද්දැයි සම්බන්දයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසීමට නියමිත බවත්,
අදාළ සළකුණ ඉතා සුභ සළකුණක් වනු ඇතැයි විශ්වාස කරන තමන් විශ්වාස කරන බවයි.
වසර සුභ කර ගැනීමට යොදා ගන්නා පානෙයි සළකුණ හරහා දෙමළ ජනතාවටද නව
ආරම්භයක් උදාවනු ඇති බවට විශ්වාස කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා නායකත්වය දරන දෙමළ මහජන සභාව, සුරේෂ්
ප්‍රේමචන්ද්‍ර මහතාගේ නායකත්වයෙන් යුතු ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය,ගජේන්ද්‍රකුමාර්
පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂය
ඇතුළු ප්‍රධාන පක්ෂ හා සුළු පක්ෂ රැසක සහභාගීත්වයෙන් නව සන්ධානය බිහි කිරීමට
නියමිතය.

වවුනියාව - මාධව කුලසූරිය



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot