උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 16 January 2020

පාරිභෝගික අධිකාරියට සාමාජිකයින් පත් නොකිරීමෙන් පැමිණිලි විභාග කිරීම ඇණ හිටලා!

සියලුම මාධ්‍යවේදී මහත්ම මහත්මියන් වෙත

මාධ්‍ය නිවේදනයයි.

පාරිභෝගික අධිකාරියට සාමාජිකයින් පත් නොකිරීමෙන් පැමිණිලි විභාග කිරීම ඇණ හිටලා!
නව රජය පත්වීමෙන් පසු පාරිභෝගික කටයුතු අධිකාරියේ සාමාජිකයින් ඉවත් වූ අතර ඒ
වෙනුවට නව සාමාජිකයින් පත් කිරීම රජය විසින් දිගින් දිගටම පමා කිරීම නිසා
පාරිභෝගික පැමිණිලි විභාග කිරීම මේ වන විට ඇණ හිට ඇත.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතතේ 3 වන වගන්තියට අනුව
කර්මාන්ත, නීතිය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍ය, පරිපාලනය, ගිණුම්කරණය, විද්‍යාව හෝ
සෞඛ්‍ය ක්ෂ්ත වල පෘථුල පළපුරැද්දක් හා විශිෂ්ඨතාවයක් ලබා ඇත්තා වූ පුද්ගලයින්
අතරින් දහයකට නොඅඩු සංඛ්‍යාවකින් එසේ සාමාජිකයින් පත් කල යුතුය.
පාරිභෝගික පැමිණිලි විභාග කිරීම සදහා සම්බන්ධ වන්නේ එම සාමාජිකයින්ය.
පාරිභෝගික පැමිණිලි විභාග කරනු ලබන එම සාමාජිකයින් තවම පත් කර නැති නිසා
පාරිභෝගික අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කරන ලද පාරිභෝගිකයින්ට සිදු වන්නේ විශාල
අසාධාරණයකි. පාරිභෝගිකයින් සමහර පැමිණිලි පාරිභෝගික අධිකාරියට කර ඇත්තේ මීට
වසර තුනකට පෙරය.
මෙරට දෙකෝටිය ඉක්ම වූ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා පිහිටුවා ඇති එකම ආයතනය
පාරිභෝගික කටයුතු අධිකාරිය වන නිසා ඉතා ඉක්මනින් පාරිභෝගික කටයුතු අධිකාරියට
සමාජිකයින් පත් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.


රංජිත් විතානගේ- සභාපති - පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot