උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 16 January 2020

රෝහණ විජේවීර මහතා

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයා අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලමින් ඔහුගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනයක් ‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා 

අතුරුදන්ව සිටින බව කියන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා.

 එය අද සිසිර ද ආබෲ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුවා.

එහිදී චිත්‍රාංගනී විජේවීර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතුරුදන්ව සිටින සිය සේවාදායිකාවගේ සැමියා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ඇය මුලින්ම අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කළ බව සඳහන් කළා.

එහෙත් එය සලකා බැලූ අභියාචනාධිකරණය වසර තිහකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරමින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ බවද නීතිඥවරයා පෙන්වා දුන්නා.

එම අභියාචනාධිකරණ නියෝගය බල රහිත කර මෙම පෙත්සම යළි විභාගයට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චිත්‍රාංගනී විජේවීර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද ඇයගේ නීතිඥවරයා සඳහන් කර සිටියා.

එහිදී ඇයගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් නොමැති බවයි.

එබැවින් වසර තිහක් ගත වීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇයගේ නීතිඥවරයා තර්ක කර සිටියේ.

සිය සේවාදායිකාවට පැවති බිය සහ ජීවිත තර්ජන හේතුවෙන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇය ඉදිරිපත් නොවූ බවද නීතිඥවරයා කරුණු දක්වා සිටියා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව සදහන් කළා. 




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot