උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 8 January 2020

චන්ද‍්‍රිකා - මෛති‍්‍රට පෙර පැමිණ බණ්ඩාරණායකට උපහාර දක්වයි

චන්ද‍්‍රිකා - මෛති‍්‍රට පෙර පැමිණ බණ්ඩාරණායකට උපහාර දක්වයි


පියාගේ අනුස්මරණ උළෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාට ආරාධනා කර නැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද උදෑසන ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුව වෙත සමරු මල් කළඹක් තැබීමට පැමිණි හිටපු ජනාධිපතිනිය මේ බව පැවසුවාය.
සිය වැඩිමල් සහෝදරිය වන  සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සමඟ අද එම ස්ථානයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන සැමරුම් උළෙල අද පෙ.ව.8.30ට සංවිධානය කර ඇති බවත් එම වේලාවට පෙර පැමිණ මල් කළඹක් තැබුවේ මන්දැයි යන්නය.
එහිදී මාධ්‍යවේදින් ඇමතූ ඒ මහත්මිය කීවේ සැමරුම් උළෙල සිය පියාගේ වන නිසා සුපුරුදු පරිදි සෑම වසරකම තමා මෙහි පැමිණ මල්කළඹක් තබන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාට මෙම සැමරුම් උළෙලට ආරාධනා කර නැති බවත් ඇය කියා සිටියාය. 

මේ අතර හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සභාපතිවරයා ඇතුළු සෙසු නියෝජිතයින්ගේ ප‍්‍රධාන උත්සවය පැවැත්විණ. ඒ සඳහා පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, චන්ද‍්‍රිකා මැතිණියගේ පැමිණීම හා ඇයට ආරාධනා නොකිරීම යන කාරණා සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා රැුස්ව සිටි පිරිස සමග සාකච්ඡුා සිදුකළ බවටද තොරතුරු වාර්තා වුණා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot