උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 17 January 2020

දැරියකට හදි කළ අකුරැස්ස සභාපතිට 15 වසරක සිරදඩුවම්.

14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යගේ පටබැඳී මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඊට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද විත්තිකරු විසින් ගෙවිය යුතු බවට නියෝග කළ විනිසුරුවරයා අතවරයට පත් දැරිය ට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද තීන්දුවේ සඳහන් කළා.

මහජන නියෝජිතයින් මේ ආකාරයේ කටයුතු වල නිරත වීම බරපතළ තත්ත්වයක් බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළා.

2012 වසරේ මැයි මස 23 වනදා සහ එම වසරේ ජුනි මස දෙවැනි දා දක්වා කාලසීමාව තුළ 14 හැවිරිදි දැරියක ලිංගික දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුගේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට බාලවයස්කාර දරුවන් තිදෙනකු සිටින බවත් ඔහුට පෙර වැරදි නොමැති හෙයින් ලිහිල් දඬුවමක් නියම කරන මෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබූවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot