නිදහස් උළෙල සුරක්‍ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක් යන තේමාවෙන්.
පෙබරවාරි 04 ට යෙදෙන 72 නිදහස් දින සැමරුම් උත්සවය වඩාත් චාම්ව සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. පෙළපාළියට සහභාගී වන පිරිස 30% න් අඩු කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ. එමෙන්ම ජාතික නිදහස් දින උත්සවයේ තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් යොදා ගැනීම කෙරෙහි අවදානය යොමු වී තිබෙනවා.
මෙවර නිදහස් දින සැමරුම සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක් යන තේමාව මත පදනම්ව සංවිධාන කිරීමටත්, මහජනතාවට බාධා නොවන අයුරින් උත්සව කටයුතු සංවිධාන කිරීමටත් තීරණය කර ඇති බවයි අගමැති කාර්යාලය සඳහන් කළේ. නිදහස් උත්සවය සංවිධාන කටයුතු සැලසුම් කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡුාවක්ද පැවැත්වුණා.
එහිදී අගමැතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ රථවාහන හැසිරවීම, මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු සිදුකිරීම ඇතුළු සෑම කාරණයක් සම්බන්ධයෙන්ම අවදානය යොමු කළ යුතු බවයි. එමෙන්ම ජාතික දිනයදා සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රටපුරා සෑම නිවසකම එකම මොහොතකදී ප‍්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් අදාලව ජනතාව දැනුම්වත් කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.
No comments:
Post a Comment