උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

මේජර් අජිත් ප්‍රසන්න මහතාට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා.

මේජර් අජිත් ප්‍රසන්න මහතාට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා.

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික යුධ හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට හෙට(24) දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසිනුයි මෙම නොතිසි නිකුත් කිරීම සිදු කර තිබෙන්නේ.

නීති විරෝධී ලෙස අලි පැටවකු සන්තකයේ තබා ගත් බවට චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් ඉකුත් 14 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 12 වන දා මාධ්‍ය හමුවක් පැවැත්වූ මේජර් අජිත් ප්‍රසන්න මහතා විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නඩුව බලාත්කාරයෙන් තමන් වෙත ලබාගෙන විභාග කරන බවටත් පැමිණිල්ලට ලකුණු කළ නොහැකි ලේඛන පවා ලකුණු කිරීමට අවසර ලබාදී තිබෙන බවටත් චෝදනා එල්ල කළ බව සඳහන් කර සිටියා.

මේ තුළින් අජිත් ප්‍රසන්න මහතා අධිකරණයට බලවත් අපහාසයක් සිදු කර ඇති බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නේ.

මෙම ප්‍රකාශ හා තම සේවාදායකයාගේ කිසිදු අදාළත්වයක් නොමැති බව එම අවස්ථාවේ විත්තිකාර තිළිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

ඉන් අනතුරුව අජිත් ප්‍රසන්න මහතා විසින් සිදුකළ බව කියන මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව මාධ්‍ය ආයතනවලින් වීඩියෝ දර්ශන ලබාගෙන විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයා විසින් රහස් පොලිසියට නියෝග කර තිබුණා.

ඒ අනුව රහස් පොලිසිය විසින් අදාළ විමර්ශන වාර්තාව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ ගොනුකරන දී.

එම වාර්තාව සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප්‍රශ්නගත ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේද? යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා හෙට(24) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශ්‍රාමික යුධ හමුදා මේජර්
හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.


 


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot