උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි 


2008 වසරේ කොළඹ හා තදාසන්න වල තරුණයින් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට මේ මස 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සිතාසි නිකුත් කර තිබෙනවා.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත් මහත්මින් සමන්විත ්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නොතීසි නිකුත් කිරීම සිදු කර තිබෙන්නේ.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධියට අදාළව ජූරි සභාවක් නොමැතිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කරන ලෙස නීතිපතිවරයා විසින් මෑතකදී අගවිනිසුරු වෙත ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා චම්පා ජානකී රාජරත්න අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

මෙම විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව මේ මස 24 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot