උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 10 January 2020

රංජන් එක්ක කතා කළ මන්ති‍්‍රවරුත් භීතියෙන්

රංජන් එක්ක කතා කළ මන්ති‍්‍රවරුත් භීතියෙන් - කතානායක පරීක්‍ෂණයකට සැරසෙයි.

රංජන් රාමනායක මහතා විවිධ පුද්ගලයින් සමග සිදුකළ දුරකතන සංවාද ඇතුලත් හඬපට සහිත ඩී.වී.ඩි. පට 162 ක් සහ හාර්ඞ් ඩිස්ක් 9 ක් රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

ඒ, අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

රනිල් වික්‍රමසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අය ඇතුලු
උසස් නිලධාරීන් සමග සිදුකළ සංවාද මේවායේ අන්තර්ගත බව පොලීසිය
නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

මේ අතර රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඬපට සිද්ධිය පිළිබඳ කතානායක කරූ ජයසූරිය මහතාද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රාමනායක මහතා කැඳවා ප්‍රශ්න කිරීමට ද කතානායකවරයා මේ වන විට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම, රංජන් රාමනායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කර ඇත්තේ කතානායකවරයා ඉදිරියේ මෙම හඬපට පිළිබඳ සියලු තොරතුරු පැවසීමට තමන් සූදානම් බවයි.

එවැනි කටයුත්තක් සඳහා තමන් වඩාත් කැමති බවද රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර වාර්තාවන තවත් කාරණයක් වන්නේ රංජන් රාමනායක මහතා සමග දුරකතනයෙන් සංවාදවල නිරත වූ පක්ෂ, විපක්ෂ මන්ත්‍රිවරුන් බොහෝදෙනෙකුද මහත් භීතියට පත්ව සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුද එලෙස භීතියට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඊයේ පාර්ලිමේන්තු සභාවෙන් පිටතදී මන්ත්‍රිවරුන් අතර මෙවැනි සාකච්ඡාවක් සිදුව ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි සඳහන් කළේ.

එමෙන්ම, බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ තොරතුරු රැසක් සහිත හඬපට
තමන් සතුව ඇති බවද රංජන් රාමනායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

බැදුම්කර වංචාව පිළිබඳ යථාර්ථය සහ ඊට සම්බන්ධ පුද්ගලයින්ද මෙම හඬපට පරිශීලනයේදී පැහැදිලිව හඳුනාගත හැකි බවද රංජන් රාමනායක මහතා ස්ථාන කිහිපයකදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot