මුහුදු මාළුවල ප්ලාස්ටික්
මිනිස් පරිභෝජනය සඳහා යොදා ගන්නා මත්ස්‍ය වර්ගවල ප්ලාස්ටික් අංශු අන්තර්ගත දැයි අනාවරණ කරගැනීම සඳහා නාරා හෙවත් ජාතික ජලසම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයද විශේෂ පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම පර්යේෂණයේ සම්පූර්ණ වාර්තාව තවත් දෙමසකින් පමණ නිකුත් කිරීමට නියමිතයි.
ඔස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක වන විනුරි සිල්වා මෙනෙවිය කළ පර්යේෂණයක වාර්තාවක් මේ වන විට නිකුත් වී ඇති අතර එමගින් අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් සාගර කලායෙන් අල්ලා ගන්නා මත්ස්‍යයින් අතරින් 95 % ක ප්ලාස්ටික් අන්තර්ගත බවයි.
එය මිනිසාට අහිතකර බලපෑමක් එල්ල කරන කාරණයක් බවද එම පර්යේෂණයෙන් අනාවරණ වී තිබෙනවා.
විශේෂයෙන් ත්‍රිකුණාමලය, කුඩාවැල්ල සහ මීගමුව යන වෙරළ තීරවලින් අල්ලා ගන්නා හුරුල්ලා, සාලයා, හාල්මැස්සා වැනි කුඩා මත්ස්‍ය විශේෂවල මෙලෙස ප්ලාස්ටික් අන්තර්ගත බව ඇගේ පර්යේෂණයේ නිගමනය වී තිබෙනවා.
No comments:
Post a Comment