උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 17 January 2020

පුනර්ජනනීය බලශක්තී ප්‍රභවයන් ප්‍රවර්ධනය කිරීමට

පුනර්ජනනීය බලශක්තී ප්‍රභවයන් ප්‍රවර්ධනය කිරීමට

පියවර ගත යුතු බවත්, 2030 වසර වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 80 % ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම ඉලක්කය විය යුතු බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය පිළිබඳ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවා.

ආගමික නායකයින්, හලාවත ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් ද මෙම සාකච්ඡාවට එක්වුණා.

එමෙන්ම, ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත අවධාරණය කර සිටියේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය හේතුවෙන් මතු වී ඇති පාරිසරික හා ජනතා ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.

පරිසර නියමයන්ට අනුකූලව බලාගාරයේ කටයුතු සිදුවිය යුතු බවට ද ජනාධිපතිවරයා අවධාරණය කළා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot