උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 13 January 2020

හඩ පට සිද්ධීයෙන් පෙන්නුම් කරන්නේ සදාචාරයේ පිරිහීමයි.

හඩ පට සිද්ධීයෙන් පෙන්නුම් කරන්නේ සදාචාරයේ පිරිහීමයි.

රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පවසනවා.

නවීන තාක්ෂණය රටක සුභසිද්ධිය සඳහා ඉවහල් වන නමුත් තාක්ෂණයට වහල් වීම හේතුවෙන් සමාජය විකෘති ස්වාභාවයක් කරා ගමන් කිරිම වර්තමානයේදී දක්නට ඇති බවයි කතානායකවරයා පැවසුවේ.

කථානායක කරු ජයසුරිය මහතා මෙම අදහස් පළ කළේ නුවරකලාවිය ප්‍රදේශයේ පැවති පුණ්‍යෝත්සවයකට සහභාගී වීමෙන්.

නුතන සන්නිවේදන තාක්ෂණය තුළින් රට අධ්‍යාත්මික පරිහානියක් කරා ගමන් කර ඇති බවද කරු ජයසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot