ඇමරිකානු - චීන ප‍්‍රධානීන් එකවරම ලංකාවට.
ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ( Alice wells ) මහත්මිය ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා 1/14 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය .
එතුමිය සමග දූත පිරිස තිදෙනකු ද පැමිණ සිටියහ .
ඔවුන් 1/14 දින අලුයම 3.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
චීන විදේශ අමාත්‍ය වෑන් යී (Wang yi ) මැතිතුමා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා 1/13 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
එතුමා සමග දූත පිරිස 16 දෙනෙකු ද පැමිණ සිටියහ .
මෙම පිරිස චීනයට අයත් විශේෂ ගුවන් යානයකින් 1/13 දින රාත්‍රී 11.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
No comments:
Post a Comment