සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලයි.
ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි කැෆේ සංවිධානයසහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.
එම සංවිධාන විසින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යෙමු කර තිබේ.
කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මහතා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ගේ අත්සනින් මෙම ලිපිය යොමු කර තිබේ.
සිරගතවීම පදනම් කර ගනිමින් කිසිදු අයුරකින් පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි කළ නොහැකි බව එම ලිපිය මඟින් පෙන්වා දි ඇති අතර එය බරපතල ලෙස මානව අයිතිවාසිකම් කඩ කිරීමක් බව ද දැක්වෙයි.
ලොව බෙහො රටවල සිරකරුවන්ට ෙඡන්ද අයිතිය ලබාදී ඇති බව ද එවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේද අනුගමනය කළ යුතුව ඇති බව අදාල ලිපිය මඟින් යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වලට සිටින සමස්ත සිරකරුවන් ප්‍රමාණය 25000 ඉක්මවන බවත් ඒ අතර සිටින ඡන්ද අයිතිය ඇති පිරිසට ඡන්අද අයිතිය අහිමි වී අති බවත් එහි සඳහන් වෙයි.
No comments:
Post a Comment