උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

නොරොච්චෝලේ එක් පැත්තක් අඩපණයි - දෛනික පාඩුව මිලියන 250 ක්.

නොරොච්චෝලේ එක් පැත්තක් අඩපණයි - 
දෛනික පාඩුව මිලියන 250 ක්.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ 02 වන අදියර ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට දෛනිකව රුපියල් මිලියන 250ක පාඩුවක් - විදුලිබල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා බලපාන ප්‍රධාන ආයතන තුන එක්ව කටයුතු කරන්න- අමාත්‍ය මහින්ද අ මරවීර මහතා දැනුම් දෙයි.
අප රටේ මෙම වසර තුළ ආරම්භ කිරීමට යෝජිත විදුලි බල ව්‍යාපෘති දෙක මෙන්ම ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට නියමිත විදුලිබල ව්‍යාපෘති සම්බන්ධව තීරණ ගැනීමේ දි ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම හා සුනිත්‍ය බලශක්ති  අධිකාරිය යන ආයතන තුන එකට සිට තීරණ ක්‍රියාත්මක කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට දැනුම් දුන්නේය.
ඊයේ (23)  පස්වරුවේ ඛනිජතෙල් අමාත්‍යාංශයේ දී විදුලි බල ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පැවැති අතර විදුලි බල පනතේ අඩු ලුහුඩකම් ඇතොත් ඒවා සංශෝධනය කර දී විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන බවද අමාත්‍යවරයා කීය.
මෙම වසර තුළ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන අදියර හා කෙරවලපිටිය LNG බලාගාරයේ ද ඉදි කිරීම් ආරම්භ කිරීමට නියමිතය. මෙම බලාගාර දෙකෙන් ජාතික විදුලි පද්ධතියට  මෙගවොට් 600ක විදුලි ධාරිතාවයක් එක්වේ. එමනිසා පළමුවෙන්ම නොරොච්චෝල ගල් අගුරු බලාගාරය ඉදි කිරීමේ කටයුතු අරඹන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
පසුගිය රජයේ වසර පහක කාලය තුළ එක් විදුලි බලාගාරයක් හෝ ක්‍රියාත්මක නොකිරීමට පියවර ගැනීම නිසා අද වන විට සමස්ත විදුලි අවශ්‍යතාව සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලයට නොහැකි වී තිබේ. ජාතික විදුලි බල පද්ධතිය තුළට ඉදිරි කාලය තුළ  හැකි තරම් පුනර්ජනනීය විදුලිබලය ආශ්‍රීතව අමතර විදුලි ධාරිතාවන් එක්කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමටත්, දැනට හඳුනාගෙන ඇති හා අනුමැතිය ලබා දී ඇති පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ඉතාමත් ඉක්මනින් ම ආරම්භ කිරීමටත් තීරණය විය.
ජාතික විදුලි පනතේ වගන්තිවල සිර වී නොසිට විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් පවරා ඇති ආයතන වෙන් වෙන් වශයෙන් නොව එකට සිට තීන්දු තීරණ ගන්නා ලෙසත්, අන්‍යෝන්‍ය වශයෙන් යම් යම් විවේචන තිබුනත්, ජාතික අවශ්‍යතාවයක් සේ සළකා කටයුතු කරන්නැයිද, නෛතික වශයෙන් මතුවන කාරණාවල දී රජය විසින් නීතිපති තුමා ඇතුලු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඊට අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තුන්වන අදියර ඉදි කිරීම් කටයුතු ප්‍රමාද වීම නිසා මේ වනවිට දිනපතා රුපියල් මිලියන 250ක පාඩුවක් ලංකා විදුලි මණ්ඩලයට සිදු වෙතැයි එහි නිලධාරීන් තමන්ට වාර්තා කර ඇතැයි කී අමාත්‍යවරයා රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනයකට සිදුවන මෙවැනි අති දැවැන්ත පාඩුවක් හරහා එම ආයතනය බරපතල ගැටළුවකට මුහුණ දෙන බවද කීය.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot