2015 වෙච්ච දේ වෙන්න දෙන්න එපා - හොඳින් වැඩකරන්න...
ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයින්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. එම අරමුණ කරා ළඟා වීමට නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සක්‍රියතාව කාලින අවශ්‍යතාවයක් බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
වැඩකරන රටක් බිහි කිරීමේ අරමුණින් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රධානින් අතර ඊයේ (28) පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තමන් වෙනුවෙන් බිම් මට්ටමේ විශාල ශක්තියක්වී කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තුතිය පුදකරනු ලැබුවා.
" සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් ජනතාවගේ අපේක්ෂා ඒ අයුරින්ම ඉටුකිරීම සඳහා තමන් හා සියලු ජනතාව වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමක් බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා කැපවීම සියලු දෙනාගේ වගකීමක් බවද කියා සිටියා. කැලි කසල ඉවත් කිරීමේ සිට ආර්ථිකය නගා සිටුවන ඉහළම තැන දක්වා අප ක්‍රියාකරනා ආකාරය ගැන ජනතාව මහත් වුවමනාවෙන් බලා සිටිනවා. ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමේදී ඔවුන්ව පිඩාවට පත් නොකල යුතුයි. කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් සහතික කිරීම සියලුම රජයේ සේවකයින් ගේ වගකීමක් වගේම රාජ්‍ය සේවය දුෂණයෙන් තොරවිය යුතුයි" ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
" රට සංවර්ධනය කරා යොමු කොට ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගමින් සිටියදි 2015 වර්ෂයේදී පැවති රජය පරාජයට පත්වුණා. ජනතාව එදා රජය ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ සාධක අවබෝධ කරගත යුතුයි. නැත්නම් ලැබූ ජයග්‍රහණය ඉදිරියට රැගෙන යන්න හැකියාවක් නැහැ. කඩා වැටුණු ව්‍යාපාර දිරිමත් කර ආයෝජකයින් සුරක්ෂිත කරමින් අහිමිවූ රැකියා නැවත ශ්‍රම බලකායට දායක කළ යුතු වෙනවා. ඒ හරහා ආර්ථිකය වර්ධනය කර ගන්න හැකිවෙනවා. විදේශීය ආයෝජකයින් 2015 වර්ෂයට පෙර රට කෙරෙහි තබා තිබු විශ්වාසය නැවත ඇති කල යුතුයි. රට නිසි මගට ගැනීමේ ක්‍රියාවලියේදී විද්වතුන්ගේ සහ වෘත්තිකයින් ගේ දායකත්වය ප්‍රබල ශක්තියක්. ඒ වගේම අපනයනික කෘෂි භෝග සම්බන්ධ ප්‍රතිලාභ මේ වන විට ගොවීන්ට ලැබෙමින් තිබෙනවා. බදු සහන වගේම සෙසු උපාය මාර්ගවල ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබිය යුතු බව" මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධාවක්, එය ඉවත් කර ගැනීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍ය බවත් ජනතා අපේක්ෂා ඉටු කිරීමට ඉවහල් වන ප්‍රධානම සාධකය ද එය බවයි මෙහිදී පැමිණ සිටි පළාත් පාලන නියෝජිතයින් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
No comments:
Post a Comment