උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

අල්ලස් චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10 ක් සිරදඬුවම්

අල්ලස් චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10 ක් සිරදඬුවම්

රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු  හිටපු නිකවැරටිය කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවම් නියම කළා.

නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි නිසංසලා ස්වර්ණමාලි නමැත්තියකට මෙසේ දඬුවම් නියම වුණා.

ඊට අමතරව රුපියල් විසි දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කරන බව ද තීන්දුවේ සඳහන් කළා.

එමෙන්ම විත්තිකරු විසින් රුපියල් ලක්ෂ දෙකක දණ්ඩනයන් ද ගෙවිය යුතු බවත් එම දණ්ඩන මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව බරපතළ වැඩ සහිත එක් වසරක සිරදඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.

2016 වසරේ ජුනි මස 01 වනදා සහ එම වසරේ ජූලි මස 01 වනදා අතර කාලසීමාව තුළ   නිකවැරටිය ප්‍රදේශයේ පාසලක සේවය කරන අභ්‍යාසලාභී ගුරුවරයෙකුගේ සේවය ස්ථිර කිරීම සඳහා විත්තිකාර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

පසුව එම මුදල අදාළ ගුරුවරයාගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විත්තිකාරියට එරෙහිව නඩු පැවරූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා හතරම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළා.

ඉන් අනතුරුව මෙම දඬුවම ප්‍රකාශයට පත් කෙරුණා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot