උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ ඇරඹේ

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු
ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ ඇරඹේ

....
 අයැදුම්පත් ආකෘතිය ජනවාරි 20 පුවත්පත්වල

 සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 වනදා සිට දින 05 ක් තුළ ...

 තෝරාගත් අයැදුම්කරුවන්ට මාස 06 ක පුහුණුවක් ...

 පුහුණු කාලය තුළ මසකට රු 22,500 ක දීමනාවක් ...

 පුහුණුවෙන් පසු ඔක්තෝබර් 01 වනදා සිට රජයේ ස්ථීර රැකියා ..
.
ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා අඩු ආදායම්ලාභී පවුල්වල
සාමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා
ලබාදීමේ ව්‍යාපෘතිය දැන් ආරම්භ කර තිබේ.
අයැදුම්කරුවන් විසින් ජනවාරි 20 වනදා පළවූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට
අනුව සකස් කළ අයැදුම්පත් 2020-02-15 වන දිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි
වෙත භාරදිය යුතුය.
ග්‍රාම නිලධාරි විසින් තොරතුරු සහතික කර තම ප්‍රාදේශීය ලේකම් වෙත 2020-02-20 වන
දිනට පෙර භාර දිය යුතුය. ග්‍රාම නිලධාරි විසින් තොරතුරු තහවුරු කරගැනීමේ දී
ප්‍රදේශයේ බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගෙන් මෙන්ම
ප්‍රදේශයේ පූජක පක්ෂයෙන්, කොට්ඨාසය භාර මහජන නියෝජිතයාගෙන් කරුණු විමසිය
හැකිය. වැරදි තොරතුරු තහවුරු කිරීම රැකියාව අත්හිටුවීම ඇතුලු විනය ක්‍රියාමාර්ග
ගැනීමට යටත්ය.
ප්‍රාදේශීය ලේකම්වරුන් වරින් වර මෙම කටයුතු අධීක්ෂණය කරමින් “රැකියා කළහැකි
දිළිඳුම පවුල්වලට මුල්තැන” ලැබෙන පරිදි වැඩපිළිවෙල ක්‍රියාත්මකවීම සහතික කිරිමට
කටයුතු කළයුතුය. ප්‍රාදේශීය ලේකම් විසින් ග්‍රාම නිලධාරීන් වෙතින් ලැබෙන
තොරතුරු/අයැදුම්පත්‍ මනා ලෙස ලේඛනගත කිරීම 2020-02-25 වන දින වන විට
සම්පූර්ණ කළ යුතුය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදි හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් පොදු ස්ථානවල දී
තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින්
2020-02-26 වන දින සිට දින 05 ක් තුළ පවත්වනු ලැබේ. අයැදුම්කරුවන් සම්මුඛ
පරීක්ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරි සහතික හා වෙනත් ලියවිලි ඇත්නම් ඒවා
ඉදිරිපත් කළයුතුය.
තෝරාගත් අයැදුම්කරුවන්ට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පුහුණුවීමේ
පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරි මගින් ලබා දෙනු ඇත. පුහුණුවීම්
2020-03-02 දින ඇරඹේ. පුහුණු කාලය තුළ මසකට රු 22,500/-ක දීමනාවක් ගෙවනු
ලැබේ. මනා පුහුණුලාභීන් 2020-10-01 දින සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථීර සේවකයින් ලෙස



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot