වැල්ලේ කුඩු වික්ක රුසියන් යුවලක්
අත්අඩංගුවට ගත් රුසියන් ජාතික තරුණිය සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2140 ක්ද නිති විරෝධී මත්පෙති 6 ක් දේශීය 4500 ක මුදලක් ද තීරුබදු රහිතව මෙරට ගෙන්වන ලද සිගරට් 3800ක් ද සන්තකයේ තිබි අත්අඩංගුවට ගෙන තිබිණි .මෙම වැටලීම ජේෂ්ඨ පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් හා නියෝග මත සහකාර පොලිස් අධිකාරි කමල් කිරිඇල්ල මහතාගේ අධීක්ෂණය මත වැලිගම පොලිස් ස්ථානාධිපති ක්‍රිෂාන්ත ලොකුගේ මහතාගේ මෙහෙයවීමෙන් වැලිගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උදිත කුමාර මහතා උප පොලිස් පරීක්ෂකවරුන් වන අමිල . තාරුන්ද .ගමගේ . සහ පොලිස් සැරයන් .( 19931 ) සරත් පොලිස් කොස්තාපල්වරුන් වන (78909 ) කරුණානායක (39824 ) සිල්වා ( 66795 ) සමිපත් ( 39936 ) මධුශංක ( 92974 ) සෙනෙවිරත්න හා කාන්තා පොලිස් සැරයන් (5330 ) ශ්‍රියාලතා යන නිලධාරීන් එක්ව සිටියහ සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
No comments:
Post a Comment