උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 14 January 2020

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය මාස තුනක් තුළ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය මාස තුනක් තුළ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය මාස තුනක් තුළ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට විධිමත් ලෙස පවරා ගන්නවාඅමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිරි මාස තුන තුළ විදිමත් ආකාරයට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (13) පස්වරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ගිය අමාත්‍යවරයා එම දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු පිළිබඳව අදාල බළධාරින්ගෙන් විමසීමක් කළේය.
මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදි කිරීම් අවසන් කර මේ වනවිට එහි දුම්රිය ධාවනය සිදු කරමින් තිබුනද, තවමත් එම දුම්රිය මාර්ගය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට විධිමත් ලෙස පවරාගෙන නොමැතඑයට හේතුව නම් දුම්රිය මාර්ග ව්‍යාපෘතියට පරිබාහිරව ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හි පවතින අඩුපාඩුයි. මේ සම්බන්ධව දුම්රිය බලධාරින් සමග අවස්ථා ගණනක දී අමාත්‍යවරයා සාකච්ඡා කළේය. ඒ අනුව මෙම දුම්රිය මාර්ග සමස්ත ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි අමාත්‍යවරයා දුම්රිය බලධාරින්ට නියෝග කළේය. එමෙන්ම මෙම දුම්රිය මාර්ගයේ ඉදි කිරිම් කටයුතු පිලිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව සෑහීමකට පත් වන්නේ නම් එම මාර්ගය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.
ඒ අනුව එම ශක්‍යතා වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින අතර ඉදිරි මාස තුන තුළ මෙම ව්‍යාපෘතිය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා දුම්රිය බලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම මාතර- කතරගම දුම්රිය මාර්ගයේ දෙවන අදියර වශයෙන් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සඳහා ඉඩම් පවරාගැනීම් හා ඒවාට වන්දි ලබා දීම මෙන්ම අදාල ශක්‍යතා වාර්තාව ද කඩිනමින් සකස් කර අවසන් කරන බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකා දුම්රිය සේවාව මහජන ආකර්ශණයට හේතුවන ප්‍රවාහණ සේවාවක් දක්වා සංවර්ධනය කිරීම රජයේ පරමාර්ථය බව කී අමාත්‍යවරයා එම සේවාව පවත්වාගෙන යාමට දායකවීම මහජනතාවගේ වගකීමක් බව ද සඳහන් කළේය. දුම්රිය මැදිරි සඳහා අලුතින් සවිකර ඇති පහසුකම් සහිත ආසනවල නිදාගනිමින් හා ඒවා දෙපා තබා ගනිමින් අවභාවිතා කරමින් ගමන් කරන ඇතැම් තරුණ මගීන්ගේ ඡායාරූප පවා ෆෙස්බුක් සමාජ මාධ්‍ය ජාලා තුළ දක්නට තිබේ.
දුම්රිය මැඳිරි යනු මහජන දේපොළකි. එවැනි මහජන දේපොළ අවභාවිතා කරමින් ඒවා විනාශ කරන පිරිස්වල ස්වභාවය නම් තමන් නූගත් පිරිසක් බව සෙසු ජනතාවට ඒත්තු ගැන්වීමයි. ඒ නිසා එවැනි පිරිස් සම්බන්ධව තම කණගාටුව පළකරන බවද ඇමැතිවරයා කීය.
මහජන දේපොල සුරැකීම මහජනතාවගේ ද වගකිමකි. අපේ රටේ නව තරුණ පරම්පරාවේ ඇතැම් පිරිස් මෙම තත්ත්වය අවබෝධ කරගෙන සිටියත් තවමත් සමහරුන් හැසිරෙන්නේ නුගතුන් පිරිසක් වශයෙන් යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot