උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 14 January 2020

වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් 20 දෙනෙක් රෝහල්

වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක්  මුහුණට මුහුණලා ගැටිමෙන් 20 දෙනෙක් රෝහල් 

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක්
මුහුණට මුහුණලා ගැටිමෙන් 20 දෙනෙක් රෝහල් ගත කෙරේ ,
රියදුරන් දෙදෙනා අත්අඩංගුවට.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ මහනුවර
සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා
ගැටිමෙන් සිදු වි අනතුරකින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගින් 20 දෙනෙක්
තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව
ගිනිගත්හේන පොලිසිය පැවසිය.
(14) දින පෙරවරු 8 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ
ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල නායයාමට ලක් වු ස්ථානයේදිය.
අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කල අය අතර කුඩා ළමුන් කිහිප දෙනෙකු
සිටින බවත්, තුවාකරුවන් 8 දෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා
ගිය බවත්, සෙසු තුවාලකරුවන් වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික
ප්‍රතිකාර ලබන වටවල ප්‍රාදේශිය රෝහලේ නිලධාරියෙකු පැවසිය.
දියගල ප්‍රදේශයේ නායගිය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන
නිසා එම ස්ථානයේ රථ වාහන ධාවනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර
ඇති අතර එම මංතිරුව ඔස්සේ බස් රථ දෙකම දෙපසින් ධාවනය කිරිම නිසා
හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථය
ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර
පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් කිහිප දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික්
රෝහල වෙත මාරු කර යවා ඇති අතර , අනතුරට පත් බස් රථ දෙකේම රියදුරන්
දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවයි ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.
අනතුරට පත් බස් රථ දෙකම එකම අයිතිකරුවෙකුට අයත් බවයි අනතුර
සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.









No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot