උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික හමුදාවට අයත් අයිරාවත් නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2020 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් අයිරාවත්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 ජනවාරි 22) කොළඹ වරායෙන් පිටත් විය. එහිදීශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

නෞකාව මෙරට රැදී සිටි කාල සීමාව තුලදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් රැසක් සඳහා සහභාගී වන ලදී. ඒ අනුව, කල්පිටියක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද  මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ පුහුණු වැඩසටහන ඇගයීමට ලක්කළ නෞකාවේ පිරිස එමගින් දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය පවත්වාගැනීමට මෙන්ම දැනුම හුවමාරු කර ගැනීමටද ‍එම වැඩසටහන ඉවහල් වූ බවට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදි.
තවද, මෙම සුහද සංචාරය ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් අතර, සුහදතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම සහ අත්දැකිම් හුවමාරු කර ගැනිමට ද ඉවහල් විය







No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot