උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 9 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා ගෙ හඬපට පිළිබඳ කොළඹ කොට්ඨාශය යටතේ විශේෂ විමර්ශනයක්..

 පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක  මහතා ගෙ හඬපට පිළිබඳ කොළඹ කොට්ඨාශය යටතේ විශේෂ විමර්ශනයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා විවිධ පාර්ශ්වයන් සමග සිදුකරන සංවාද ඇතුලත් හඬපට පිළිබඳ කොළඹ කොට්ඨාශය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මතභේදයට තුඩු දී ඇති මෙම හඬපට සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන බවත්, පොලීසිය පවසනවා.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ අද සිදුකළ විශේෂ ඉල්ලීමක් සළකා බැලූ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට
විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

එමෙන්ම, හඬපට පිළිබඳ සිදුකරන විමර්ශන පිළිබඳ වාර්තාවක් ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි කොළඹ අපරාධ කොට්ඨාශය පියවර ගෙන තිබුණේ.

මේ අතර තමන් ඝාතන කුමන්ත්‍රණය පිළිබදව පොලිස්පතිවරයාට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
ඒ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අතර ඇති වු බව කියන දුරකථන සංවාදයක් පදනම් කර ගනිමින්.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot