උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 9 January 2020

නගරධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා සැකපිට අත්අඩංගුවට.....

නගරධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා සැකපිට අත්අඩංගුවට

මාතලේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික
මන්ත්‍රිවරයෙකුට පහරදිමේ සිද්දියකට සම්බන්ධව මාතලේ
නගරධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා (එජප) ඊයේ (08) දින
සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

පෙරේදා (07) වන දින නගරාධිපතිවරයා හා ඔහුගේ රියදුරු
ලෙස කටයුතු කරනු ලබන පුද්ගලයෙකු සමග මාතලේ
නගරයේදී එම් මොගන් නැමති නාගරික මන්ත්‍රිවරයාට
පහරදුන් බවට මාතලේ පොලිසිය වෙත එම නාගරික
මන්ත්‍රිවරයා විසින් සිදු කරන ලද පැමිණිලිලකට අනුව
නගරාධිපතිවරයාව හා ඔහුගේ රියදුර සැකපිට අත්අඩංගුවට
ගෙන ඇත.

නගරාධිපතිවරයාගේ රියදුරු ලෙස කටයුතු කරනු ලබන
පුද්ගලයා හා පහරකැමට ලක්වු බව කියන නාගරික
මන්ත්‍රිවරයා අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාම
හේතුවෙන් මෙම පහරදිම සිදුව ඇති බව පොලිසියට ලැබුණු
පැමිණිල්ලට අනුව මෙවුන් අත්අඩංගුවට ගෙන ඇත .

මාතලේ පොලිස් අධිකාරි එස් පි සන්දනායක මහතාගේ
උපදේස් පරිදි මාතලේ පොලිස් ස්ථානාධිපති චානක ද සිල්වා
මහතාගේ මෙහෙයවිමෙන් මෙම අත්අඩංගුවට ගැනිම සිදුව
ඇති අතර සිද්ධියට අදාළ සැකකරුවන් මාතලේ අධිකරණයට
ඉදිරිපත් කිරිමට නියමිතය.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot