තාවකාලික හා අනියම් සේවකයින්ට ස්ථිර පත්වීම්.
රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් සහ කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවයේ නියුතු දින 180 සම්පූර්ණ කළ පිරිසගේ රැුකියා ස්ථීර කිරීම සම්බන්ධයෙන් රජය අවදානය යොමුකර සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. ඊට අදාල වාර්තා මේ වන විටත් කැඳවා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. එමෙන්ම අදාළ ආයතන සමග සාකච්ඡුා කර සුදුසුකම් ඇති සියලූදෙනා ස්ථීර සේවයේ පිහිටුවන බවද එම නිවේදනයේ දැක්වෙනවා.
විශ්වවිද්‍යාලවල සහ වෙනත් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් මුහුණදෙන ගැටලූ සම්බන්ධයෙන් ද ගතවූ දෙමසක කාලය තුළ පුළුල්ව අධ්‍යනය කර ඇති අතර, අධ්‍යෘපන ක්‍ෂේත‍්‍රය තුළ පවතින සෑම ගැටළුවක්ම විසදීම ජනාධිපතිවරයාගේ අභිප‍්‍රායයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු අනුව උපාධියට සරිලන රැුකියාවක් ලබාදීම රජයේ අරමුණ වී ඇතැයිද පොරොන්දු වූ පරිදි පනස් තුන්දහසකට ආසන්න සියලූ උපාධිධාරීන්ට රැුකියා ලබාදීම මාර්තු 01 වනදා සිට ආරම්භ කරන බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා.
No comments:
Post a Comment