රංජන්ගේ හඩපට ගැන සීඅයිඩී පරීක්‍ෂණ අරඹයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.
මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයින් සමඟ පැවැත්වූ දුරකතන සංවාද ඇතුළත් මතභේදාත්මක හඩපට රැසක් මාධ්‍ය වෙත නිකුත් වු අතර ඊට අදාලව පොලිසිය, අධිකරණ සේවා කොමිශන් සභාව මෙන්ම ජාතික පොලිස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් වුණි.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ දුරකථන සංවාද වලට අදාළ හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද කරුණු වාර්තා කිරීමෙන් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
පිළිතුරඉදිරියට
|
No comments:
Post a Comment