නිදහස් උත්සවයට 8260 ක බලඇණීයක් - ජාතික ගීය සිංහලෙන් පමණයි.
72 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බව රජය පවසනවා. මෙවර ආචාර පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක සහ ශිෂ්‍යභට බලකා නියෝජනය කරමින් 8260 ක බලඇණියක් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම විශේෂ ආරාධිතයින් ලෙස 2500 ට ආසන්න පිරිසන් මෙවර ජාතික දින සැමරුමට එක්වීමට නියමිතයි.
මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙළ පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්රයේයී.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණේ රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන්.
එමෙන්ම ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහලින් පමණක් ගායනා කරන බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ප්‍රාදේශීය වශයෙන් පැවැත්වෙන උත්සවවලදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට අවස්ථාව පවතින බවයි ඇමතිවරයා කියා සිටියේ.

No comments:
Post a Comment