දින 60 යි - නිවාස 14000 යි.
අඩු ආදායම්ලාභී පවුල් 14,022 ක් වෙත ස්ථිර නිවාස ඉදිකරදීමේ දින 60 ක කඩිනම් ව්‍යාපෘතියක් ලබන මස 01 දා ආරම්භ වීමට නියමිතයි. ගමට ගෙයක් - රටට හෙටක් යන තේමාව යටතේ එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. පෙබරවාරි මස 01 එහි නිල උත්සවය කුරුණෑගල, ගිරිබාවේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
මේ යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමකම එක් නිවස බැගින් ඉදිකෙරෙනු ඇති. සෑම නිවසකම ඉදිකිරීම් කටයුතු දින 60 ක් තුළ අවසන් කිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයයි. මෙම ව්‍යාපෘතිය සදහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 8413 ක් පමණ වෙන් කරව අතර, එහි සියළු අධීක්ෂණ කටයුතු සිදුකරන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්.
No comments:
Post a Comment