උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

පම්පෙමඩුව කුණු වළ වසා දමන්න ප්‍ර දේශවාසීන් අඛණ්ඩ උපවසායක.

පම්පෙමඩුව කුණු වළ වසා දමන්න ප්‍ර දේශවාසීන් අඛණ්ඩ උපවසායක.


පම්පෙමඩුව කුණු වළ වසා දමන්න ප්‍ර දේශවාසීන් අඛණ්ඩ උපවසායක.

වවුනියාව,පම්පෙමඩුව ප්‍ර දේශයේ පිහිටුවා ඇති කසළ බැහැර කරන ස්ථානය වසා දමන
ලෙසට ඉල්ලීම් කරමින් වවුනියාව පම්පෙමඩුව හා සාලම්බකුලම ජනතාව ඊයේ(22)
රාත්‍රියේදීද යාපනය විශ්ව විද්‍යාල වවුනියාව මණ්ඩපයේ තාක්ෂණ පීඨය ඉදිරිපස
උපවාසයේ නිරතවිණ.
ප්‍ර දේශවාසීන් පැවසූවේ යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයද කසළ වළ
ආසන්නයේ පිහිටා ඇති අතර, කසළ බැහැර කරන ස්ථානය හේතුවෙන් තම ගම්වාසීන්ට හා
විශ්ව විද්‍යාල සිසුන්ට සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.
වවුනියාව නගර සභාව,වවුනියාව මහ රෝහල හා වවුනියාව දෙමළ ප්‍රාදේශීය සභාව
ඇතුළු ආයතනවලින් බැහැරකරන කසළ සියල්ල අදාළ ප්‍ර දේශයට බැහැර කරන අතර,
කසළ හේතුවෙන් ප්‍ර දේශයේ දැඩි දුර් ගන්ධනයක්ද පවතින බවද ප්‍ර දේශවාසීන්
පැවසූහ.
කසළ සිය ගම්මානය අසළ බැහැර නොකොට ජනතාව නොගැවසෙන වෙනත් ස්ථානයකට
බැහැර කරන ලෙසට ඉල්ලා ප්‍ර දේශවාසීන් ඊයේ(22) උදැසන උපවාසය ආරම්භ කළහ.
ගැටළුවට නිසි විසදුමක් ලබාදෙන තෙක් තමන් කසළ බැහැර කරන ස්ථානයට කිසිදු
වාහනයකට ඇතුල්වීමට අවසරය ලබානොදී දිවා රාත්‍රියේ අඛණ්ඩව උපවාසයේ නිරතවන
බවද ප්‍ර දේශවාසීන් පැවසූහ.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot