ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 40 ක් ගිනිගත්හේන රෝහලට.
හැටන් අධ්‍යාපන කලාපයට අයත්, ගිනිගත්හේන , කලුගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් 40 දෙනෙකු
හදිසියේ අසනීප විම නිසා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක්
පැවසීය.
රෝගීව සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වමනය, බඩඑළිය හා ක්ලාන්ත තත්ත්වයක් ඇතිවීම නිසා රෝහල් ගත කර ඇති
අතර එයින් 20 කු පමණ භාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර අනිකුත් පිරිස
නේවාසිකව පතිකාර ලබමින් සිටිති.
එම විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවය ඉකුත් අගහරුවාදා (28) වනදා පවත්වා ඇත. එම
අවස්ථාවේ ලබාදුන් දිවා ආහාර හෝ සිසිල් බිම නිසා මෙම තත්ත්වය ඇතිවීමට හේතුවක් විය හැකි බවට අනුමාන
කරන අතර ගිනිගත්හේන මහජන සෞඛ්‍ය සේවා කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.
No comments:
Post a Comment