තුර්කියෙන් ගෙනා නරක් වූ ලොකු ලූණු.
තුර්කියෙන් ආනනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ ලොකු ලුණු තොගයක් දඹුල්ල ආරථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි ගබඩාවක් තුලදී යලි සකස්කර වෙළඳපොළට යවීම සදහාසුක්ෂම ලෙස සුදානම් කරමින් තිබියදී දඹුල්ල පොලිසිය හා මහා නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් 31 දින පෙරවරුවේ සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල පොලිසිය මගින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා අවට ගබඩා පරිශ්‍ර තුල සිදුවෙතැයි සැකකෙරෙන මත්කුඩු හා කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය සොයා සිදුකල වැටලීමේදී අදාල ලොකු ලුණු තොගය සොයාගැනීමට හැකිව තිබේ.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි.එදිරිසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් හා නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු නගර සභා සෞඛ්‍ය අංශද මෙම වැටලීම එක්ව සිටියහ.මෙම සෝදිසියට පොලිස් සුනඛ අංශයේ බ්ලුටස් පොලිස් සුනඛයාගේ සහයද ලැබුණි.
තුර්කියෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ලොකු ලුණු තොගයකින් පැලවී තිබු කිලෝ ග්‍රෑම් 30000 ක තොගයක් දඹුල්ල ගබඩාවට ගෙනවිත් පැලවි තිබු දල්ල (මොටයි )කොටස කම්කරුවන් යොදා කපා ඉවත් කරමින් සිටියදී වැටලීම සිදුකර ඇත.වැටලීම සිදුකරන අවස්ථාව වනවිට එම් ලුණු තොගයෙන් සොයාගැනීමට හැකිව ඇත්තේ කිලෝ ග්‍රෑම් 2000 ක් ප්‍රමාණයකි.අදාල ගබඩාව වසා දමා එම් තොගය මුද්‍රා තැබුණි.සෙසු තොගය ඒ වන වටත් සති පොළවල් වලට හා ආපනශාලවලට අලෙවි කර තිබී ඇති බව අනාවරණය වී ඇත.
ආනයනය කිරීමේදී රේගුවෙන් ප්‍රතික්ෂේප කරන අල හා ලොකු ලුණු තොග සංවිධානාත්මකව කාලයක් තිස්සේ දඹුල්ල ප්‍රදේශයේ ගබඩාවලට ගෙනවිත් නුසුදුසු ඒවා ඉවත්කර හොඳ තත්වයේ ඒවා වෙළඳපොළට යැවීම කාලයක් තිස්සේ සුක්ෂමව කරගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී තිබී ඇත.
ලොකු ලුණු ගෙඩිය පැලවීමේදී රසායනික ක්‍රියාවලියක් සිදුවෙන බැවින් එම් ලුණු තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් මුද්‍රා තැබූ අතර ඉදිරි නීතිමය පියවර ගන්න බව සෞඛ්‍ය අංශ මෙහිදී කියා සිටියෙය.
No comments:
Post a Comment