ජල ඒකක 15 ට වඩා පරිභෝජනය කරන්නන්ගේ ජල ගාස්තු ඉහළට
ජල ඒකක 15 ට වඩා පරිභෝජනය කරන්නන්ගේ ජල ගාස්තු ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
ජලය සැපයීමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරනු ලබන ජල ගාස්තු ප්‍රමාණවත් නොවන බවත් මේ පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරි කාලයේදී ජල ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
No comments:
Post a Comment