උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 19 January 2020

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ විකල්ප වැඩපිළිවෙලක්

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ විකල්ප වැඩපිළිවෙලක්

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළුව හෙට පැවැත්වෙන සාකච්ඡුාවේදීත් විසදා ගැනීමට නොහැකි වුවහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ විකල්ප වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නගන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ශවකරුවන් පවසනවා. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේද සහභාගීත්වය සහිත පුළුල් ජාතික සන්ධානයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි.

කෙසේ වෙතත් පක්‍ෂ නායකත්වය හා පක්‍ෂයේ අර්බුදවලට විසදුම් සෙවීමේ විශේෂ සාකච්ඡුාවක් හෙට පැවැත්වීමට නියමිතයි. රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස හා කරූ ජයසූරිය යන නියෝජිතයින් තිදෙනා අතරයි මෙම සාකච්ඡුාව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ.

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධානත්වයෙන් නිර්මාණය කරන පුළුල් සන්ධානයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇති බවයි. එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකයා ලෙස කටයුතු කිරීම ගැටළුවක් නොවන බවද ඔහු කියා සිටියා.  




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot