නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්වය සම්බන්ධව හදිසි රැස්වීමක්
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. හදිසි
ආපදා තත්වයට මුහුණ දීම හා අදාල ක්‍රියාමාර්ග සම්බන්ධව අමාත්‍යවරයාගෙන් ප්‍රාදේශියලේකම්
කාර්යාල හා පලාත් පාලන ආයතන නිලධාරීන්ට උපදෙස්.
දිවයිනේ
පවතින අහයපත් කාළගුණික තත්වය හේතුවෙන් සහන සේවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය
සම්බන්ධව අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්
ලේකම් කාර්යාලයේදී ඊයේ (01) පෙරවරුවේ හදිසි රැස්වීමක් පවත්වනු ලැබීය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද (02) දින සිට
ආරම්භ වීමට නියමිත නිසා විභාගය සඳහා සහභාගී වන සිසුන්ට අපහසුතාවයකින් තොරව විභාග
මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට යම් බාධාවන් ඇතිවුවහොත් එම තත්වය යතා තත්වයට පත්
කිරිම සඳහා අදාල ප්‍රදේශයන්වල මාර්ග සංවර්ධන අධිකාරියේ හා පලාත් පාලන ආයතනවල ඇති බැකෝ යන්ත්‍ර සූදානමින් තබන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා
අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අපදා
තත්වයක් ඇතිවූ අවස්ථාවන් වලදී ශ්‍රීලංකා
යුද හමුදාව හා නාවික හමුදාව අවශ්‍ය සහන
සැලසීමට සූදානමින් සිටින බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය. ජාතික ගොඩනැඟිලි
පර්යේෂණායතනය මගින් හඳුනාගත් නාය යන ප්‍රදේශ හා තේ වතුවල පදිංචි ජනතාව කඩිනමින්
එමඅවදානම් ස්ථාන වලින් ඉවත්කර තාවකාලිකව සුදුසු ස්ථානවල ස්ථානගත කිරිමට පියවර ගන්නා
ලෙසද මෙහිදී අමාත්‍යවරයා උපදේස් ලබා දුන්නේය.
අපදා තත්වයක් ඇතිවුවහොත් එම ජනතාව සඳහා තොරතුරු
කඩිනමින් දැන්වීමට අවශ්‍ය හදිසි දුරකතන අංකද මෙහිදී ගබාදිම සිදු කෙරිණි. වලපනේ ප්‍රදේශයේ
නාය යෑමෙන් සිදුව ඇති ජීවිත හානි සිදුවීම හා ඉදිරි සහන සැපයීම් සම්බන්ධව කඩිනම්
පියවර ගැනීමට මධ්‍යම පලාත් හිටපු අමාත්‍ය
රමේෂ්වරන් මහතා ඇතුලු නිරීක්ෂණ කණ්ඩායමක් එම ප්‍රදේශවලට යවා ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා
පැවසීය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික්
ලේකම් සරච්චන්ද්‍ර මහතා සමග ප්‍රා දේශිය ලේකම් කාර්යාල නිලධාරීන්, පලාත් පාලන
ආයතනවල ප්‍රධානීන්, ආපදා අංශයේ නිලධාරීන්, යුද. නාවුක හමුදා උසස් නිලධාරින්,
පොලීසියේ උසස් නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
No comments:
Post a Comment