උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 1 December 2019

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක්රීයව විවෘත වෙයි


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටුව ඊයේ (01) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට (30) සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කොත්මලේ ජල මට්ටම ඉහල යාම නිසා ජලාශ වේල්ලේ ස්වයංක්‍රිය වාන් දොරටුව ස්වයංක්‍රියව  විවෘත වි ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියාසිටියේ.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.











No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot