නුවරඑලිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි
තිදෙනෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ
පුෂ්පකුමාර මහතා පැවසිය.
(30) රාත්‍රි 7.30 ට පමණ වලපනේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග
වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඉහලින් වු පස්
කන්දක් සමග ප්‍රධාන මාර්ගයට පහලින් වු නිවසක් පස් කන්දට යට වි එම නිවසේ සිටි
අඹුසැමි යුවලක් සහ පාසල් සිසුන් දෙදෙනෙක් අතුරුදහන් වු බවයි දිස්ත්‍රික් ලේකම්වරයා
කියා සිටියේ.
අතුරුදහන්ව සිටි අඹු සැමි යුවලගේ සහ ලබන වසරේ උසස්පෙල විභාගයට පෙනි සිටිමට
නියමිතව සිටි සිසුවියකුගේ සිරුරක් අතුරුදහන් වුවන් සොයා මෙහෙයුමේ නිරතව සිටින
නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින් සහ පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සොයාගත්
බවත්, අද (02) පැවැත්වෙන අපොස සාපෙල විභාගයට පෙනි සිටින සිසුවාගේ සිරුර සොයා
තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
නායයාමට ලක් වු නිවසේ පදිංචිකරුවන්ට මිට ප්‍රථම එම නිවසින් ඉවත් වන ලෙසට
අපදා කලමණාකරන ඒකකය මගින් දැනුම් දිමක් සිදු කර ඇති බවත්, අධික වර්ෂාව හේතුවෙන්
ආපදාවට ලක් වු නොර්වුඩ් සහ මස්කෙලිය ප්‍රදේශයේ පවුල් වල සමාජිකයන්ට පිසු ආහාර ලබා
දිමට ආහාර ලබා දිමට කටයුතු කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
(30) ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය හාවාඑලිය සහ කදපොල ගල්පාලම
ප්‍රදේශයේ එලවළු වගාවටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා
කියා සිටියේ.
වලපනේ නායයාමට ලක් වු ස්ථානයේ සිදු කරන මෙහෙයුම් සම්බන්ධයෙන් සොයා බැලිමට
දුම්රිය රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතාය එම ස්ථානයට පැමිණ සිටියා.
No comments:
Post a Comment