මෙදිනවල ඇදහැලෙන මහ ධාරානිපාත වර්ෂාවත් සමග
මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක සුළු ආපදා තත්වයක් ඇතිවෙමින් පවතින බවත් පවුල් 18 ක සාමාජිකයින් 49
දෙනෙකු තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචිකර අවශ්‍ය මුලික පහසුකම් සපයා ඇතැයි රත්තොට
ප්‍රාදේශීය ලේකම් දිනප්‍රිය හේරත් මහතා අද (4 )පැවසිය.
රත්තොට
පුංචිසෙළුවාකන්ද වතුයායේ සුදුපාලන සමයේ ඉදිකරන ලද පැරණි ලයින් කාමර ගොඩනැගිල්ලක
වහලය සම්පූර්ණයෙන් දිරාපත්වී කඩාවැටීමට
ආසන්නවී ඇති බැවින් එහි සිටි පවුල් දහඅටක (18) සාමාජික සාමාජිකාවන් හතලිස්නවදෙනෙකු (49)
දැනට එම ස්ථානයෙන් ඉවත්කර පිටකන්ද දෙමළ විදුහලෙහි
තාවකාලිකව රදවා ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා
පැවසීය .
මේ අතර එම ප්‍රදේශයේම තවත් පවුල් දෙකක් මෙම ආපදාවන්ට
ලක්වීම නිසා ඔවුන්ද ආරක්ෂිත ස්ථාන වෙත රදවා ඇති බව පැවසු ලේකම්වරයා මොවුන්ට අවශ්‍ය
සියලු ආහාරපාන ඇතුලු මූලික පහසුකම් ලබාදී ඇතැයිද සදහන් කලේය.
මේ අතර දැනට ඇදහැලෙන මෙම වැසි හේතුවෙන් දඹුල්ල විසල්
ජලව්‍යාපෘතිය යටතේ සිදුකරන ජලනල එළීම සදහා මාර්ග හරහා කාණු කැපීම නිසා පල්ලේපොල ප්‍රාදේශීයසභා
බලපෙදෙසේ ග්‍රාමීය මාර්ග සියල්ලම පාහේ
සම්පුර්ණයෙන්ම විනාශවී ගොස් ඇතැයි පල්ලේපොල ප්‍රාදේශීය සභා සභාපති ජගත් දිසානායක
මහතා පැවසීය
මෙම් තත්වය නිසා
දෙඹදඔය, ඇහැලේපොල,අළුත්ගම,මිල්ලවාන,රුසිගම ,පල්දෙණිය යන
ගම්මානයන්හි ගමනා ගමන කටයුතුවලට මහත් බාධා එල්ලවී ඇතැයිද හෙතෙම සදහන් කලේය..
No comments:
Post a Comment