උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 December 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහනට හසුකර දීමට නාවික හමුදා සහාය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පාලවිය, උළුක්කපල්ලම් ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 03 වන දින සිදුකල ‍වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීම සඳහා නාවික හමුදාව සහ පුත්තලමපොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 දෙසැම්බර් 03 වන දින පාලවීය, උළුක්කපල්ලම් ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්‍ෂා කිරීමේදී මෙම සැකකරුවන් තිදෙනා (03) මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10 ක්, හෙරෝයින් මිලිග්‍රෑම් 740 ක් සොයා ගැනීමට සමත් වූ අතර, වැඩිදුර සිදු කල විමර්ශනයේදී නිවසේ තිබු යතුරු පැදියක් තුල සඟවා තිබු තවත්  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102 මිලිග්‍රෑම් 500 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 ත් 30 ත් අතර වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතරමෙම සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ද කරුණු අනාවරණය කරගෙන ඇත.

සැකකරුවන්, යතුරු පැදිය සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පුත්තලමමත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරනු ලබයි. තවදශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතරඑමඟින් මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන හා අලෙවි කරනු ලබන පුද්ගලයින් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot