උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 December 2019

අධිවේගී මාර්ගය ආශ්‍රිත මාර්ග පුළුල් කිරීමේ සැලසුම් ඉදිරිය ගැන සිතා සැලසුම් කළ යුතුයි ඇමති ජොන්ස්ටන්

අධිවේගී මාර්ගය ආශ්‍රිත මාර්ග පුළුල් කිරීම් කටයුතු සැලසුම් කිරීමේ දී ඉදිරිය ගැන සිතා සැලසුම් කළ යුතු බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ පසුගියදා (03) අධිවේගී මාර්ගයේ අධිවේගී මාර්ග දිගුව මාතර සිට මත්තල හරහා හම්බන්තොට අදියරෙහි, නිරීක්ෂණ සංචාරයක් සඳහා එක්වෙමිනි.
එහිදී සාමාන්‍ය මාවත් ලෙස පැවති එම මාර්ග සම්මත මංතීරු 02 ට වඩා වැඩි දියුණු කළ යුතු බව ගරු අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම නගර ආශ්‍රිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන යා කෙරෙන මාර්ග හා අනිකුත් මාර්ග මංතීරු 02 හි පාරවල් මංතීරු 04 දක්වා වැඩි කරන ලෙස ට ද ගරු අමාත්‍යවරයා නිලධාරීන්ට පැවසීය.
එම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී වූ අතර එහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසූයේ, මේ සඳහා සේවා කලාපයක (Service Area) අවශ්‍යතාව පවතින බවත් එය ඉදිකිරීම අතිශයින් වැදගත් වන බවත්ය. ඒ අනුව සේවා කලාපය ඉදිකිරීමේ දී වඩාත් පහසුවෙන් ඒ සඳහා ළා විය හැකි ආකාරයේ කාර්යක්ෂම පිවිසුම් සහිත සහ නවීනත්වයෙන් යුක්ත සේවා කලාපයක් ඉදිකිරීමට කටයුතු කරන්නැයි එතුමා ගරු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. එමගින් ඒ ආශ්‍රිත නගරයක් නිර්මාණය කිරීමට මග පෑදෙන බවත්, එය බොහෝ පිරිසකට රැකියා අවස්ථා උත්පාදනය කරන සහ ව්‍යාපාර අවස්ථා බිහිකරන තෝතැන්නනක් වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරයා සිය කැමැත්ත පළ කළ අතර අධිවේගී මාර්ගය ආශ්‍රිත මාර්ග පුළුල් කිරීම් කටයුතු වලදී ඉදිරිය ගැන සිතා ඒවා සැලසුම් කිරීමට කටයුතු කරන ලෙස ද ගරු අමාත්‍යවරයා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. 





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot