දශක තුනකට ආසන්න කාලයක් පසුගිය යුද්ධයේදි කුරිරු ත්‍රස්තවාදින්ට එරෙහිව
සටන් වැද රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවිම , දැස් සහ පාද අහිමි වු
යුධ / නාවික රණවිරුවන් දෙදෙනෙකුගේ නාගදිපියේ සිට ශ්‍රි පාද කරුණා කරන පාද යාත්‍රාව
(05) දින නාවලපිටිය ගිනිගත්හේන නගරය දක්වා ගමන් කරනු ලැබිණ.
ඉකුත් මස 21 දින යාපනයේ නාගදිපයෙන් ආරම්භ කල පාද යාත්‍රාවේ යෙදෙන ශ්‍රි
ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ සමාන්‍යය සෙබල පියතිස්ස සහ ශ්‍රි ලංකා නවික
හමුදාවේ ඩබ්ලිව්.ඩබ්ලිව් කුමාර යන රණ විරුවන් දෙදෙනා ඇතුළු රණවිරුවන්(05)
නාවලපිටිය නගරය වෙත පැමිණිහ.
නාවලපිටිය නගරයේදි මහ සංඝරත්නය විසින් පාද යත්‍රාවේ යෙදෙන රණවිරුවන්
දෙදෙනාට සෙත් පතා අශිර්වාද පුජාවන් පවත්වා පිරිත් නුල් ගැට ගසා පාද යත්‍රාවට
ආශිර්වාද කෙරිණ.
නාවලපිටිය නගරයේදි ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් ජනතාව විසින් රණවිරුන්
දෙදෙනාව උණුසුම් අයුරින් පිලි ගැණින.
කිලෝමිටර දහසක දුරක් පාද යත්‍රාවේ යෙදෙන එම රණවිරුවන් දෙදෙනා (06) දිනයේ
පාද යත්‍රාවේ පහලොස්වන දිනය ශ්‍රි පාදස්ථාන උඩ මළුව වෙත ලබා විමට සැලසුම් කර ඇත.
ශ්‍රි පාද උඩමළුවේ සිට කතරගම කිරිවෙහෙර දක්වා පාද යාත්‍රාවේ යෙදෙමින් පාද
යත්‍රාව අවසන් කිරිමට එම රණවිරුවන් දෙදෙනාගේ අධිෂ්ඨානය විය.
පාද යත්‍රාවේ යෙදෙන රණවිරුවන්ගේ ආරක්ෂාව උදෙසා යුධ හමුදා භට පිරිසක්ද ඔහුන්
සමග ගමන් කරමින් සිටියි.
No comments:
Post a Comment