එමෙන්ම අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් ආරම්භ කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද ඔහු පෙන්වා දෙයි. එමගින් ඩිප්ලෝමා ලබා දෙන ක‍්‍රමවේදය වෙනස් කර සියලූම ගුරුවරු උපාධිධාරින් බවට පත් කරන ක‍්‍රමවේදයක් ඇති කිරීම රජයේ අපේක්‍ෂාව වී තිබේ.
මෑත ඉතිහාසය තුළ ලංකාවේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන විට ඉතා වැදගත්ම කාරණය වන්නේ ගුරුතුමා හා ගුරුතුමිය බවත් පැවසු බන්දුල ගුණවර්ධන මහතා පුහුණු ගුරුවරු ඇති කිරීම සඳහා මෙතෙක් කර ගෙන පැමිණි ක‍්‍රියාපිළිවෙත වන්නේ උසස් පෙළ මත සමත් කොටසක් විශ්වවිද්‍යාල වෙතටත් අනෙක් පිරිස විද්‍යා පීඨ වෙත යොමු කිරීමත් බව කියා සිටියේය.
විද්‍යා පීඨ යන ළමුන්ට වසර තුනකට ලැබෙන්නේ ඩිප්ලෝමාවක් පමණක් බවත් එයින් ගුණාත්මක හා වැටුප් වශයෙන් ද විෂමතාවයක් ඇති වෙන බවත් ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
No comments:
Post a Comment