උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 5 December 2019

හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිනිල්ලේ නැවත කැඳවීම ලබන වසරේ මැයි මස 31 වැනිදාට කල්යයි

2014 වසරේ කොළඹ පිහිටියේ රාත්‍රී සමාජශාලාවක් තුලදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ යුවළකට පහරදී තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල මැයි මස 31 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

 පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ විමර්ශන අවසන් කොට වාර්තා සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන බවයි.

 නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

 ඒ අනුව පැමිණිල්ල නැවත මැයි මස 31 වනදා යළි කැඳවීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල  ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දුන්නා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot