උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 1 December 2019

මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක්ව ඇති බවට එම කොමිෂමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කරයි

මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක්ව ඇති බවට එම කොමිෂමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා.  මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය හා තවත් කරුණු රැුසක් පිළිබඳ කොමිසම සිදුකළ මැදිහත්වීම සම්බන්ධයෙන් කර ඇති ප‍්‍රකාශ ඉතා බරපතල බවයි එක්සත් ජාතික පක්‍ෂය පවසන්නේ.

මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් බැවින් මෙම චෝදනා සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වීමේ වගකීම ඇත්තේ  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පමණයි. එබැවින් ඒ පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට තොරතුරු වාර්තාකර ඉදිරි පියවර ගැනීමට අපේක්‍ෂා කරන බව ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි සෙයා බැලීමක් සිදු නොකල බවටත් ඒ වෙනුවට තමන් පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයට කරුණු වාර්තාකර කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා තමාගේ ජීවිතය අනතුරේ හෙලූ බවටත් මැතිවරණ කොමිෂමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ප‍්‍රකාශ කර තිබුණා. ඔහු මේ බව සඳහන් කර තිබුණේ බී.බී.සී සිංහල සේවයට හා ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින්. 


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot