උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 December 2019

අර්ජුන් ගෙන්වීම තවත් කල් යන ලකුණු?

මහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් යොමුකරන ලද ලිපි ලේඛන සිංගප්පූරු  නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නා.

මෙම නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට අධිකරණය මගහැර විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊට අදාළ ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු රජය වෙත යොමුකළ බව දන්වා සිටියා.

එම ලේඛන සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවත් ලේඛන රැසක් පවතින හෙයින්  වැඩිදුරටත් අධ්‍යයනය කිරීම  සඳහා කාලය අවශ්‍ය බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී සිටියා.

ඉන් අනතුරුව සිංගප්පූරු  නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් මහේන්ද්‍රන්  මෙරටට පිටුවහල් කිරීම සඳහා සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම නඩුවේ දහවන විත්තිකරු ලෙස නම් කර සිටින අජාන් ගාර්දිය  පුංචිහේවා නැමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණා.

එහෙත් ප්‍රමාද දෝෂයක් නිසා එම  සිතාසි නිසි පරිදි යොමු කර නොමැති බවට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම විත්තිකරුට නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කිරීමට නියෝග කළා.

මෙම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මහතාට ජනවාරි මස 6 වනදා තෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ ගතවීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා ඉල්ලීම් කලා.

එම ඉල්ලීමට ඉඩ දුන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත අධිකරණය භාරයේ රඳවා තිබෙන ඇලෝසියස් මහතාගේ  විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට නියම කළ අතර එම ශරීර අපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු රජයේ විධායක නිලධාරීයෙකු විය යුතු බවත් අනෙක් ඇපකරු පවුලේ ලඟම ඥාතියෙකු විය බවටත් නියෝග කළා.

ඉන් අනතුරුව විත්තිකරුවන් වෙත පැමිණිල්ල විසින් ලබා දී තිබෙන ලේඛන වල තත්වය පරික්ශාකර අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කලා.

ඒ අනුව නඩුව නැවත මාර්තු මස 31 වනදා කැදවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot