ආබාධිත රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ආදර්ශයක් ලබාදීම වෙනුවෙන් ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු යාපනය නාගදීප පුදබිමේ සිට කගරගම කිරිවෙහෙර පුදබිම දක්වා පාද යාත්‍රාවක් ආරම්භ කිරීම 22 වැනිදා ආරම්භ කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුධ හමුදා දෙවන ස්වෙච්ජා ගජබා රෙජිමේන්තුවේ සේවය කළ ආර්.ඩබ්.පි.පියතිස්ස රණවිරුවා හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ එම්.බි.ඩබ්.කුමාර යන රණවිරුවන් එලෙස පාද යාත්‍රාව වෙනුවෙන් එක්ව සිටිති.
යාපනය,නාගදීප විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව රණවිරුවන් දෙදෙනා සිය ගමන ආරම්භ කරනු ලැබීය.
යාපනය ආරක්ෂක සේනා බල ප්‍රදේශය පුරා රණවිරුවන් ගමන් කිරීම සිදුකරන අවස්ථාවේ රණවිරුවන් වෙත අවශ්‍ය සියළු සහන සේවාවන් ලබාදීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ මෙහෙයවීම යටතේ ලබාදීමට නියමිතය.
රණවිරුවන් පාද යාත්‍රාව ආරම්භ කරන අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා නිළධාරීන්,නාවික හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
No comments:
Post a Comment