බලංගොඩ සිට නොර්වුඩ් දක්වා එලවළු ප්‍රවාහනය කල කැබ්
රථයක් අඩි 50 ක ප්‍රපාතයකට පෙරලෙයි.
බලංගොඩ සිට නොර්වුඩ් දක්වා එලවළු ප්‍රවාහනය කරන ලද කැබ්
රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් වු තේ වත්තකට පෙරලි ඇති බව
බගවන්තලාව පොලිසිය පැවසිය.
අද (24) අලුයම 5.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන්
බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව චැපල්ටන් වත්ත ප්‍රදේශයේදිය.
ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් සිටි වල් ඌරන් රංචුවක්
මගහැර යාමට උත්සහ කිරිමේදි කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි ඇති බවයි
පොලිසිය පැවසුවේ.
අනතුරෙන් කැබ් රථයේ
ගමන් ගත් රියදුරා සහ රිය සහයකයාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත්, අනතුරින්
කැබ් රථයට සහ කැබ් රථයේ ප්‍රවාහනය කරමින් තිබු එලවළු වලට දැඩි අලාභ හානි සිදු වි
ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පැවසුවේ
No comments:
Post a Comment