ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නඩුව අද සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35( 1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක් හමුවේ සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම නඩු කටයුත්තෙ විත්තිකරු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුතු අවසන් කර ඒ මහතා මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබුණා.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ මහතාට පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියම කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අප තැබූ ඔහුගේ ඇපකරුවන් ද මුදා හැරීමටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළා.
එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ පත් සෙසු විත්තිකරුවන් හය දෙනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය මීළඟ නඩු දිනය අධිකරණයට දැනුම් දෙන බවයි.
ඉන් අනතුරුව නඩුව නැවත ජනවාරි මස 09 වනදා කැඳවීමට ද නියම කළා.
No comments:
Post a Comment